10:53 PM -
1 comment
1 comment
ඉක්මනින් ධනවත් වීම/ ඉක්මනින් කෙලවා ගැනීම
ඔබටත් මෙවන් අවස්තා වලට මුහුණ දෙන්න සිදු උනාද?
ඔබට හදිසියේම ඔබ හොඳින් දන්නා කෙනෙක් කතා කරයි.
“වැඩක් සෙට් වුණා.
විස්තර පස්සෙ කියන්නම්,
අහවල් දවසේ උදේම අහවල් තැනට
එන්න."
- “මොකක්ද වැඩේ?“
එහෙමත් නැත්නම්,
ඔබ හඳුනන කෙනෙක් හදිසියේම ගෙදරට ඒවි. ඇවිත් වෙන වෙන වල්පල් කතාකරමින් ඉඳලා හෙමින්සැරේ ට්රැක් මාරු කරලා කියයි,
ඉතින්
යාලුකම/නෑදෑකමයි, සල්ලියි නැති කරගෙන මිනිස්සුන්ගෙන් බැණුම් අහලා ඒ
මදිවට හිරේ විලංගුවෙත් වැටෙන්න කලින් පහත ලිපි කියවන්න.
සාමාන්ය බුද්ධියක් තියෙන හැමෝටම මොකක් හෝ හැකියාවක් තියෙනවා. ඔබ කරන රැකියාවෙන් ලැබෙන ආදායම මදිනම් ඔබට තියෙන හැකියාවන් පාවිච්චි කරලා සාධාරණ නීත්යානුකූල ක්රම වලින් මුදල් හම්බකරන්න. එහෙම නැත්නම් ඔබ අපේක්ෂාකරන වටිනාකම ලැබෙන රැකියාවක් ගැන සොයාබලන්න. තමන්ගේ ව්යාපාරයක් කරන්න. කම්මැලි කමට නිකං ඉඳන් මුදල් හම්බකරන්න ගිහින් මේ වගේ ජාවාරම් වලට අහුවෙලා අමාරුවෙ වැටෙන්න එපා.
තමන්ගේ ආර්ථික අපහසුතාවයන් වෙනත් කෙනෙකුට වාසියට හරවගෙන ඔබව රවට්ටාගන්න ඉඩ තියන්න එපා. මොකද අසාධාරණ ක්රමවලින් මිනිස්සු රවට්ටලා හම්බකරන මුදල් කවදාවත් යාදෙන්නෙ නැහැ. ටික කාලයක් වැඩේ නැගලා යනවා කියල හිතෙයි. හැබැයි අන්තිමේදි මේවායින් ඔබට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ!
තණ්හාව සීමාකරගන්න. වැඩි තණ්හාව විනාශයට මුලනේ. මුදල් ගොඩක් ලැබෙනවා කිව්ව පමණින් කවුරුවත් කියන කියන දේවල් කරන්න යන්න එපා. මොළය පාවිච්චි කරන්න. ඔබට මේ වගේ ජාවාරමකින් රැවටීමට ලක් වුණානම් ලැජ්ජා නොවී කියන්න. ඒකෙන් තව කීපදෙනෙකුගේ ජීවිත වැරදෙන එක වළක්වාගන්න පුලුවන් වුණොත් ඒක පිනක්.
ඔබේ අත්දැකීම් සහ අදහස් පහළින් කමෙන්ට් කරන්න.
- “මොකක්ද වැඩේ?“
“පොඩි බිස්නස් එකක්, මහන්සි
නොවී ගෙදර ඉඳන්ම මාසෙට 60, 000ක් 70, 000ක් හොයාගන්න පුලුවන් වැඩක්....“
එහෙමත් නැත්නම්,
ඔබ හඳුනන කෙනෙක් හදිසියේම ගෙදරට ඒවි. ඇවිත් වෙන වෙන වල්පල් කතාකරමින් ඉඳලා හෙමින්සැරේ ට්රැක් මාරු කරලා කියයි,
“පොඩි
බිස්නස් එකක් කරන්න අදහසක් තියෙනවා,
සෙට්වෙලා කරමුද?“
-
“මොනවගේ බිස්නස් එකක්ද?“
“ගෙදර ඉඳන් පාට් ටයිම් කරන්න පුලුවන්
වැඩක්, බය වෙන්න එපා, මේක සම්පූර්ණයෙන්ම නීත්යානුකූල
වැඩක්. මෙහෙම කිව්වම මොනවගේ දෙයක් කියලද හිතෙන්නෙ?“
-
“හිතාගන්න බැහැනෙ!"
“මුලින් ඔයා අපෙන්
භාණ්ඩයක් මිලදීගන්න ඕනි. අපි ළඟ පැකේජස් කීපයක්ම තියෙනවා“
“ඔයා ගන්න පැකේජ් එක අනුව ඔයාට
මේ මේ ප්රතිලාභ ලැබෙනවා. ඉන්පස්සෙ කරන්න තියෙන්නෙ ඔයා අඳුනන කීපදෙනෙක්ට මේ භාණ්ඩ
හඳුන්වාදෙන එකයි. ඔයාට පහළින් එකතුවෙන ඕනම කෙනෙක් භාණ්ඩයක් ගත්තම ඔයාට ප්රතිලාභයක් ලැබෙනවා. කිසිම මහන්සියක් නැතිව ගෙදර ඉඳන් හොඳ ගාණක් හම්බකරගන්න පුලුවන්"
-
“අපෝ, පිරමිඩ් නේද?"
“නෑ. පිරමිඩ් නෙවෙයි. මේ
ක්රමයට අපි කියන්නෙ නෙට්වර්ක් මාකටිං/ඩිරෙක්ට් සේල්ස් කියලා. මේ තියෙන්නෙ අපේ
ලියාපදිංචි සහතිකය. පිරමිඩ් නම් මෙච්චර අවුරුදු ගාණක් මේක කරගෙන එන්න බැහැනෙ. අපි කරන්නෙ අතරමැදියො නැතිව කෙළින්ම පාරිභෝගිකයා
ළඟටම භාණ්ඩය ගෙනත් දෙන එක."
“එතකොට අනෙක් සමාගම් මාකටිං වලට බෙදාහැරීම් වලට දරන
සම්පූර්ණ වියදමම ඉතිරියි. ඒ ඉතිරිවෙන මුදල බෙදෙන්නේ අපේ නෙට්වර්ක් එකේ ඉන්න අය
අතරේ. ඔයාගෙ නෙට්වර්ක් එක පුළුල් වෙන තරමට ලැබෙන ප්රතිලාභයත් වැඩිවෙනවා."
ඉන්පස්සෙ
ඔබේ දුක සහ මුදල් තණ්හාව ප්රයෝජනයට අරගෙන ඔබේ මාසික ආදයම් වියදම් සිදුවන ආකාරයත්,
කවදාවත් ඉතිරියක් සිදු නොවන ආකාරයත්, ඉතා ඉක්මනින් ඔබේ හීන
හැබෑ කරගන්නා ආකාරයත් කියලා අන්තිමට මාසෙකට ලක්ෂ 70-80ක
ආදායමක් එන හැටි ඇස් පනාපිට රූප සටහන් ඇඳලා ඔප්පු කරලා පෙන්නයි!
“කිසිම බලකිරීමක් නැහැ, කැමතිනම් දවසක් ඇතුළත මට කියන්න...ආයෙ ඉතින් හිතන්න දෙයක් නෑ. ආවොත් ගොඩම තමයි. හරිගියෙ නැත්නම් මම පාඩුව අතින් ඔයාට ගෙවනවා. ඕනිනම් කොළයක අත්සන් කරලා දෙන්නම්!“
ඔය උඩ කිව්ව අවස්ථා දෙකට ඔබ මුහුණ දීලත් ඇති. එහෙමත් නැත්නම් ළඟදිම දවසක මුහුණදෙන්න සිද්ධවේවි.
දැනටමත් ඔබ හොඳින් දන්නා හඳුනන, විශ්වාස කරන කවුරු හරි මෙහෙම කිව්වද? කළාද?
දැනටමත් ඔබ හොඳින් දන්නා හඳුනන, විශ්වාස කරන කවුරු හරි මෙහෙම කිව්වද? කළාද?
එහෙමනම්
ටිකක් පරිස්සම් වුණොත් හොඳයි!. මොකද ඒ කතා කරන්නේ නීති විරෝධී පිරමිඩ යෝජනා ක්රමයකට
(එහෙමත් නැත්නම් Multilevel/Network
Marketing / Direct sales බව පෙන්වමින් එන වහෙන් ඔරෝ පිරමීඩ
යෝජනා ක්රමයකට) ඔබව සම්බන්ධ කරගැනීම සඳහා වෙන්න පුලුවන්.
සැලකිය යුතුයි !!
පහල කුමන ලින්කුවකට එබුවත් තප්පර 5ක් ඉවසා දකුණු පස උඩු කෙලව්වරෙහි ඇති skip ad
යන්න ඔබන්න . එවිට අදාළ පිටුවට පිවිසේ....
සාමාන්ය බුද්ධියක් තියෙන හැමෝටම මොකක් හෝ හැකියාවක් තියෙනවා. ඔබ කරන රැකියාවෙන් ලැබෙන ආදායම මදිනම් ඔබට තියෙන හැකියාවන් පාවිච්චි කරලා සාධාරණ නීත්යානුකූල ක්රම වලින් මුදල් හම්බකරන්න. එහෙම නැත්නම් ඔබ අපේක්ෂාකරන වටිනාකම ලැබෙන රැකියාවක් ගැන සොයාබලන්න. තමන්ගේ ව්යාපාරයක් කරන්න. කම්මැලි කමට නිකං ඉඳන් මුදල් හම්බකරන්න ගිහින් මේ වගේ ජාවාරම් වලට අහුවෙලා අමාරුවෙ වැටෙන්න එපා.
තමන්ගේ ආර්ථික අපහසුතාවයන් වෙනත් කෙනෙකුට වාසියට හරවගෙන ඔබව රවට්ටාගන්න ඉඩ තියන්න එපා. මොකද අසාධාරණ ක්රමවලින් මිනිස්සු රවට්ටලා හම්බකරන මුදල් කවදාවත් යාදෙන්නෙ නැහැ. ටික කාලයක් වැඩේ නැගලා යනවා කියල හිතෙයි. හැබැයි අන්තිමේදි මේවායින් ඔබට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ!
තණ්හාව සීමාකරගන්න. වැඩි තණ්හාව විනාශයට මුලනේ. මුදල් ගොඩක් ලැබෙනවා කිව්ව පමණින් කවුරුවත් කියන කියන දේවල් කරන්න යන්න එපා. මොළය පාවිච්චි කරන්න. ඔබට මේ වගේ ජාවාරමකින් රැවටීමට ලක් වුණානම් ලැජ්ජා නොවී කියන්න. ඒකෙන් තව කීපදෙනෙකුගේ ජීවිත වැරදෙන එක වළක්වාගන්න පුලුවන් වුණොත් ඒක පිනක්.
ඔබේ අත්දැකීම් සහ අදහස් පහළින් කමෙන්ට් කරන්න.

1 comments:
Network marketing kyanne nikn idala salli hoyana deyak newe. eka lokema piligatta business 1k. lankawe modayo thama thaman nodanna dewal gana anik unta lectures denna ynne. habai lankawe network marketing karana samaharu eka karana widye waraddak tyenawa. eth samaharu ithama sadaranawa me de karala anik ayatat diyunu wenna udaw karanawa
Post a Comment